දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉවත්වී ඇති බව වාර්තාවේ.

අදාළ පෙත්සම් අද (28) විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම නඩු විභාගයෙන් ඉවත්වීමට හේතු ලෙස ඉදිරිපත් කරන්නේ තමා පාස්කු කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ හෙයින් පෞද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

විනිසුරු ජනක් ද සිල්වා මහතා න්ඩු කටයුතු වලින් ඉවත්වීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම ජුනි මස 4 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

තවද පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා තමන්ට කල් අවශ්‍ය බවත් කෙටි විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් දන්වා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More