ප‍්‍රධාන පුවත්

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස නොසැලකේ. එමෙන්ම සිරකරුවන් වෙත ජනාධිපති සමාව ලබාදීමේ බලතලද ඉවත් කර ඇති අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුත්තේ ජනතා ඡන්දයකින් නොව පාර්ලිමේන්තුව මගිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය. පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී සති හතරක්‌ තුළ සාමාන්‍ය බහුතර ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා ගත යුතුය. ඒ සඳහා රහස්‌ ඡන්දයක්‌ භාවිත කළ හැක.

පවතින ව්‍යවස්‌ථාවට අනුව ඇමැති මණ්‌ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා එය කළ යුත්තේ අගමැතිවරයාගේ අදහස්‌ විමසාය. එහෙත් විසිවැනි සංශෝධනයට අනුව අගමැතිගේ අදහස්‌ විමසා යන්න ඉවත් කර ඇති අතර ඇමැති මණ්‌ඩලය ජනාධිපති විසින් පත් කළ යුත්තේ අගමැතිගේ උපදෙස්‌ මතය.

ජනාධිපතිවරයා සතුව ඇති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමේ බලයද විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයාට දේශපාලන පක්‌ෂයක ධුරයක්‌ දැරීම හෝ සාමාජිකත්වය දැරීම සිදු කළ නොහැක.

තානාපතිවරු, මහ කොමසාරිස්‌වරු සහ විදෙස්‌ දූත නියෝජිතයන් පත් කිරීම සහ ඔවුන්ට බලය පැවරීම අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන කැබිනට්‌ මණ්‌ඩලයේ උපදෙස්‌ අනුව සිදු කළ යුතුය.

අගමැතිවරයා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගත් පක්‌ෂය තුළිනි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More