සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සතොස ක්ෂණික ඇමතුම් අංකය වන 1998 ට ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් රුපියල් දහසේ හෝ පන්දහසේ භාණ්ඩ මලූ හෝ වෙනත් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් අමාත්‍යවරයා කියයි.
අමාත්‍යවරයා පැවසුවේ සතොස වෙබ් අඩවියේ භාණ්ඩ සහ ද්‍රව්‍ය 114 ක් ඇතුළත්ව ඇති බවත් එම ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කළ හැකි බවත්ය.
වෙළෙඳ අමාත්‍යංශයේදී අද (28) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...