ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දීය සහ කටාර් වරායන් වෙත ඇතුල්වීමට අවසරඉල්ලා තිබූ බවත් එසේ අවසර දුන්නානම් නෞකාව ගිනිගැනීම වලක්වාගැනීමට තිබූ බව එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
කොළඹ වරායට ආසන්නයේදී මෙම නෞකාව ඉකුත් 20 වැනිදා ගිනි ගැනීම ආරම්භ විය.
” නෞකාවේ ඇසුරුම් කර තිබු කන්ටේනර් බහාලුම් වල තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුවෙමින් තිබෙන බවට එහි සිටි සේවකයින් පළමුව දැක තිබුනේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසකට ඈතින් පිහිටි අරාබි මුහුදේදී. ඒ ගැන දැනගත් විගස නෞකාවේ කපිතාන්වරයා ඉන්දියාවේ හසීරා වරායෙන් සහ කටාර් හි හමාඩ් වරායට ඇතුල් වීමට අවසර ඉල්ලා තිබුණා. ඒ එම නෞකාවේ තිබු බහාලුම් බෑමටයි. නමුත් අවසර හිමිවුයේ නැහැ. ඒ අනුවයි නෞකාව ආසන්නතම වරාය වන ශ්‍රී ලංකාවට පැමිණියේ” යැයි නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...