දේශීය පුවත්

පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .

මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ(27) පස්වරුවේ නිකුත් කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.

පවතින කොරෝනා වසංගතය හමුවේ ජනතාවට උපරිම සේවය සැලසීමේ පියවරක් ලෙස රජය මෙම පියවර ගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

කොවිඩ් මර්දන එන්නත ලබා නොදුන්නැයි විරෝධය දක්වමින් රට පුරා සියළුම ග්‍රාම නිලධාරී වරු පෙරේදා (26 )සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More