දේශීය පුවත්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටින්නේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් එකතු කළ ඇතැම් පුද්ගලයින්ට ආසාත්මිකතා ඇති වී තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් දහස් දක්වමින් අමාත්‍යයවරයා පවසා සිටියේ,

“මේ නෞකාවෙන් සුන්බුන් ලෙස පාවී පැමිනි විවිධ කෑම වර්ග රැගෙන ගොස් අනුභව කළ අයට දැනටමත් විවිධ කැසීම් සහ ආසාත්මිකතා ඇතිවෙලා තිබෙනවා. ජනතාව මීට වඩා අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. මෙම ආහාර විෂ සහිතයි. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කොරෝනාවලට අමතරව තවත් වසංගතයක් බෝ වෙන්න ඉඩ දෙන්න එපා කියා. මෙම නැවේඉ සුන්බුන් ලබාගත් අයට දැඩි දඬුවම් පනවනවා,” යනුවෙනි.

නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් ඇතුළු විවිධ සුන්බුන් මීගමුව වෙරළ තීරයට, කොල්ලුපිටිය සහ පානදුර දක්වා වූ වෙරළ තීරයට ඊයේ සිට ගසාගෙනවිත් තිබුණු බව වාර්තාවේ.

මේ අතර සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ සිදුකරන බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More