පුරවැසි කොලම

ආනයනික කාබනික හා ජෛව පොහොර මෙරට ජෛව පද්ධතියට දැඩි අවධානමක් එල්ල කල හැකි ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පාරිසරික පද්ධතිය රසායනික තෙල් පොහොර නිසාවෙන් බරපතල ලෙස දූෂණයකට ලක්ව තිබුනද එය ජෛව විවිධත්වය කෙරෙහිත් , පාංශු ව්‍යුහය හා පාංශු ජීවි ක්‍රියාකාරකම් තාවකාලිකව අකර්මණ්‍ය කිරිමට බලපෑවද මුලුමනින්ම විනාශ කිරිම කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරනු ලැබුවේ නැත. නමුදු වෙනත් රටක් විසින් එකී රටේ පාංශු ව්‍යුහයටත් එහි ක්‍රියාකාරිත්වයටත් හිතකර පාංශූ ජීවින් අපේ රටේ පාංශු ව්‍යුහයට අහිතකර බලපෑම් එල්ල කිරීමේ දැඩි අවදානම් තත්වයන් පවතී. එසේම එය රසායනික තෙල් පොහොර අවභාවිතය නිසාවෙන් සිදු වූ විනාශයට වඩා විනාශකාරි ක්‍රියාන්විතයක් වනු ඇත. එනිසාම කලයුත්තේ කාබනික හා ජෛව පොහොර ආනයනය වහා නවතා මෙරට තුලදීම රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු ඇරඹීමේ ක්‍රියාවලියයි. මේ සදහා නිශ්චිත වූ කාල රාමුවක් අත්‍යාවශ්‍යයය.
නිසි වැඩපිලිවෙළක් හා සැලසුමක් නොමැතිව ජනපතිවරයා විසින් කඩිමුඩියේ ගනු ලැබු රසායනික පොහොර තහනම නිසාවෙන් මෙරට වාණිජ හා යැපුම් කෘෂිකර්ම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලවන අතර එය මෙරට කෘෂි නිෂ්පාදන ආර්ථිකය බරපතල කඩා වැටිමකට ලක්වීමක් වනු ඇත. ගෝලීය වසංගත අභියෝගයන් හමුවේ ආනයන අපනයන ක්‍රියාවලිය මුලුමනින්ම පාහේ ඇණහිටි ඇති මොහොතක මෙවැනි
” දැන් කපු – දැන් නූල් ” පන්නයේ තීන්දු තීරණ ගැනීම පිලිබදව නැවත නැවතත් සිතාබැලිය යුතුය. කෙසේ වුවද දීර්ඝකාලීනව මෙරට ගොවිබිම් වලට රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් පාරිසරිකව හා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම අතිමහත්ය . එනිසාම ජනපතිවරයා විසින් ගනු ලැබී තීරණය අපි අගේකොට සලකන අතර නමුදු කිසිදු ආකාරයේ උපායමාර්ගික ප්‍රවේශයකින් තොරව ගනු ලැබූ මෙම තීරණය නිසා දැඩි ලෙස බලපෑමක් එල්ලවන්නේ වී ගොවියාට වන අතර එය මෙරට ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
මෙම තීරණය ගැනීමට පෙර අදාල ආයතන හා අමාත්‍යාංශ මට්ටමින් විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කිසිදූ පූර්ව සූදානමක් නොතිබීම විමතියට කාරණයකි. කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම බලපාන්නාවූ මෙවැනි බරපතල තීන්දු තීරණ ගැනීම පිටුපස මෙරට ප්‍රධාන ජීවනෝපාය කොටගත් වී ගොවියා ඇතුලු අනෙකුත් සුළු ගොවීන් ගොවිතැන් කටයුතුවලින් හුදකලා කොට මෙරට යැපුම් කෘෂිකර්මාන්තය බිදවට්ටවා ජාවාරම්කාර ආනයන ආර්ථිකයක් කරා රට තල්ලු කිරිමේ තවත් ආර්ථික ඝාතක ක්‍රියාවලියක කුමන්ත්‍රණයක් මේ පිටුපස ඇති බවද සැක සහිතය.
මෙහි ඇති වඩාත් භයානකම ක්‍රියාවලිය වනුයේ මෙරටට අවශ්‍ය තරමටම කාබනික පොහොර නිෂ්පාදනය නොවන හෙයින් පිටරටින් කාබනික හා ජෛව පොහොර ආනයනයයි. මේ පිලිබදව අද දින ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේය. ජාතික ගොවිජන එකමුතුව මේ පිලිබදව 2021 මැයි මස 05 හා මැයි මස 12 වෙනිදින පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදි මුල් වරට රසායනික තෙල් පොහොර ආනයනය වෙනුවට කාබනික හා ජෛව පොහොර ආනයන සූදානමක් ගැන කරුණු අනාවරණය කරනු ලැබු අතර එය අදවනවිට ඔප්පු වී ඇත.
මෙරටට ගෙන්වනු ලැබූ රසායනික තෙල් පොහොර පිලිබදව නිසි විධිමත් හිතකර ගුණාත්මක තත්ත්වය පරික්ෂා කරගන්නට අසමත් වූ ආයතන මෙවැනි කාබනික හා ජෛව පොහොර වල ගුණාත්මක තත්ත්ව පරික්ෂා කිරිම පිලිබදව කිසිසේත්ම විශ්වාස කල නොහැකිය.
විශේෂයෙන්ම කාබනික හා ජෛව පොහොර තුලින් මෙරටට අහිතකර බැක්ටීරියාවන් ක්ෂුද්‍රජීවීන් අපේ පාංශු ව්‍යුහය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීමේ අවදානමක් පවතින අතර එය ජෛව විවිධත්වය බිදවැටිමට සෘජුවම බලපනු ඇත. මෙකී තත්ත්වය නිසාවෙන් ආනයනික කාබනික හා ජෛව පොහොර අපේ පසට මුදාහැරිම පිලිබදව යලි යලිදු සිතා බැලිය යුතු කාරණයක් බව අප අවධාරණය කර සිටින්නෙමු.
මෙරට එක්වරම මුලුමනින්ම රසායනික තෙල් පොහොර තහනම වෙනුවට අධියර ගණනාවකින් නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරිම කෙරෙහි යලි අවධානය යොමු කල යුතුය. එය මෙරට ගොවියාත්, කෘෂි නිෂ්පාදන ආර්ථිකයත් , පරිසරයත් , මහජන සෞඛ්‍යමය තත්ත්වය පිලිබදවත් ගන්නාවූ දිගුකාලීන සුභදායී වූත් ඵලදායිවූත් ක්‍රියාමර්ගයක් වනු ඇත.
අනුරාධ තෙන්නකෝන්
(ජාතික ගොවිජන එකමුතුව සභාපති )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More