විසි එක්වන සියවසේ තාක්ෂණික විප්ලවය තමන් සතු කර ගනිමින් හා ඇමෙරිකාව සහ රුසියාවට පමණක් කේන්ද්‍රගතව පැවති stealth තාක්ෂණය අභිබවා යමින් සැතපුම් 5000ක පමණ මෙහෙයුම් ඉලක්කයක් කරා රහසිගතව ළඟාවිය හැකි බෝම්බ හෙලීමේ යානයක් චීනය විසින් නිෂ්පාදනය කර ඇති බවට පුවතක් චීනයේ සවුත් චයිනා පෝස්ට්(south china post) පුවත්පත වාර්තා කර සිටී මෙම යානය ෂියෑන් (xian)H-20 නමින් නම් කර ඇත.
ෂුහායි වෙබ් අඩවිය විසින් H-20 ගුවන් ප්‍රහාරක යානය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ප්‍රහාරක යානය ෂුහායි ගුවන් ප්‍රදර්ශනයේදී චීන හමුදාව විසින් මෙය එළි දැක්වීමට නියමිතව තිබූ බවත් පවතින අයහපත් ගෝලීය සෞඛ්‍ය තත්ත්වය මත එම සංදර්ශනය අවලංගු කර ඇති බවත්ය
ෂියෑන් H-20 යානය පිළිබඳව අදහස් දක්වමින් චීන රජය පවසා සිටින්නේ ගුවන් ප්‍රහාරක යානය පිළබදව පලවන පුවත් අසත්‍ය තොරතුරු මත පදනම් වූවක් බවයි.
කෙසේ වුවද අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව ද චීනයේ නිෂ්පාදිත ගුවන් ප්‍රහාරක යානය පිළිබඳව තොරතුරු අනාවරණයක් මීට වසර කිහිපයකට පෙර සිදුකර ඇති බවට බටහිර පුවත් පත් වාර්තා කර සිටී.
මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...
"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...
ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් එය මෙහෙයවූ මාධ්‍යවේදිය...