ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර තහනම් කරණු ලැබුවේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ “සෞභාග්‍යයේ දැක්මට” අනුව ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ රටේ කෘෂිකර්මාන්ත පද්ධතිය ආරක්ෂා කරගැනීමේ වුවමනාවෙන් බව මහජනතාව තුළ තහවුරුව තිබෙන මතයයි.එයට ප්‍රතිවිරුද්ධව විරුද්ධවාදීන් නගන තර්කය නම් ජනාධිපති තුමා තම ගජමිතුරන්ගේ ආර්ථිකය නංවාලනු පිණිස රසායනික පොහොර තහනම පැනවූ බවයි.
මේ සම්බන්ධව ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා ,” ජනාධිපති මාධ්‍යය අංශය පවසන පරිදි ජනාධිපති තුමා විසින් රට තුළ යම් විදියකින් කාබනික පොහොර නිපදවා ගැනීමට හැකියාවක් නොමැති නම් ගුණාත්මක කාබනික පොහොර ආනයනයට ඉඩ දීමට කටයුතු කිරීමට සූදානම් . ජනාධිපති තුමා යම් විදියකින් මෙසේ කාබනික පොහොර ආනයනයට අවසරදුනහොත් එමගින් එතුමා සද්භාවයෙන් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට උත්සහා ගත්තාය යන්න අහෝසි වී යනවා. දැනටමත් ඊශ්‍රායල ජාවාරම්කරුවන් දෙදෙනෙක් පූජ්‍යය අතුරලියේ රතන හිමියන් කාබනික පොහොර ආනයනය සඳහා පොළොඹවා ගැනීමට කටයුතු කරන බවට ප්‍රවෘත්ති පලවෙනවා. කාබනික ජෛව පොහොර, කාබනික පෝෂක දියර හෝ කාබනික කොම්පොස්ට් පොහොර යන ඕනෑම කාබනික පොහොර වර්ගයක් ශ්‍රී ලංකාවේ නිපදවා ගත හැකි හෙයින් ජනාධිපති තුමා විසින් පොහොර ආනයනයකරුවන්ට ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර දීම නිවැරැදි කළ නොහැකි බලවත් වරදක්.” යැයි පවසා සිටියේය.
මේ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ,” අපි දැනටමත් ජනාධිපති තුමාට රසායනික පොහොර තහනම යථාර්තයක් කරගන්නේ කෙසේද යන්න දොළොස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය නම් ලියවිල්ල මගින් දන්වා තිබෙනවා. එහි හත්වන උපාය මාර්ගික ප්‍රවේශයෙන් ‘රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබනික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම.’ යනුවෙන් ඉතා පැහැදිළිව පෙන්වා දුන්නා . එය නොසලකා හැරීම බලවත් වරදක්” යනුවෙනි.
================================================================================ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කළ
ආනයනික රසායනික පොහොර භාවිතය අවසන් කිරීම සහ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සදහා වන දොළොස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය
1. ආනයනික රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය දැඩි සීමාවකට යටත් කරන බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇති බැවින් ආනයනික යෙදවුම් මත පදනම් වන කෘෂි නිෂ්පාදන පද්ධතිය ක්‍රමානුකූලව පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ වස විෂ නොමැති දේශියව නිපදවන ආහාර ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා නිශ්චිත කාල පරාසයකදී කියාත්මක කෙරෙන මහා සැළසුමක් රටට ඉදිරිපත් කිරීම සහ මහජන සංවාදයකට පසුව අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම.
2. එම සැළසුම තුළ ආනයනික සහ විවිධ වස විෂ සහිත රසායනික පොහොර ආනයනය වෙනුවට දේශිය අමුද්‍රව්‍ය යොදාගනිමින් පොස්පේට් සහ පොටෑසියම් අඩංගු රසායනික පොහොර දේශියව නිපදවීම සහ එසේ දේශියව නිපදවන රසායනික පොහොර දේශියව නිපදවන කාබණික පොහොර ගොවිබිමේ ඌනතාවයන් අනුව ප්‍රශස්ථ ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම සදහා ප්‍රචාරාත්මක සහ අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම. එහිදී නයිට්‍රජන් සහිත රසායනික පොහොර වායුගෝලයේ පවතින නයිට්‍රජන් වලින් ස්වභාවිකවම නිපදවිය හැකි බැවින් ඒවා රසායනික පොහොර ලෙස බාහිරින් යෙදීම අවශ්‍ය නොවන බව ගොවියාගේ මනසේ තවහුරු කිරීම වැදගත්වේ.
3. කෙටිකාලීනව නිෂ්චිත කාලයක් සදහා අනයනය කිරීමට ඉඩ දෙන රසායනික පොහොර සදහා විනිවිද භාවයෙන් යුතුව කෝටා ක්‍රමයක් සහ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සහ වෙළෙඳ පොළ තුළ කෘතිම ලෙස හිඟයක් මවාපාමින් මිළ ඉහළ දැමීම සදහා සිදුකරන කූඨ වෙළදපොල උපක්‍රම මැඩලීම සදහා නිසි යාන්ත්‍රණයක් හදුන්වාදීම. එමෙන්ම එම කෙටි කාලය තුළ වෙළෙඳ පොළ තුළ මිළ පාලනයක් හදුන්වාදීම.
4. දැනට ගොවියාට ලබාදෙන පොහොර සහනාධාරය යම් නිෂ්චිත කාලයක් සදහා සෘජුව මුදල් ලෙස ගෙවීම සහ එම අරමුදල් ගොවිජන බැංකුව හරහා ගොවියාට ගෙවීම මගින් ඒවා ගොවියාගේ ඉතිරිකිරීම් ලෙස සලකා කෘෂි යෙදවුම් සදහා පමණක් අවශ්‍යතාවය අනුව මුදල් නිදහස් කිරීම. ඒ මගින් එක් පැත්තකින් ගොවිජන බැංකුවට නැවත පණදීම සිදුවන අතර අනෙක් පැත්තෙන් රසායනික පොහොර භාවිතය අඩු කිරීම මගින් තම ඉතිරි කිරීම් වැඩි කිරීම සඳහා ගොවියා දිරිමත් කිරීම හරහා ස්වෙච්ඡාවෙන් ආනයනික පොහොර භාවිතය අධෛර්යමත් කිරීමට හැකිවේ.
5. ගොවිජන බැංකුවට නවත පණදීම මගින් සහ පොහොර සහනාධාරය ලෙස බැංකුවට ලැබෙන රුපියල් මිලියන 50,000කට අධික ප්‍රාග්ධනයට අවශ්‍යතාවය අනුව අමතර ප්‍රාග්ධනය ලබාදීම මගින් ගොවියා ක්ෂද්‍රමුල්‍ය ණය උගුලින් ගලවා ගැනීම සදහා ජාතික වඩපිළිවෙලක් සකස් කිරීම මගින් සබෑ ලෙසම ගොවියාගේ විශ්වාසය දිනා ගැනීම. එමගින් සහ පොහොර භාවිතය සීමා කිරීමේ තීන්දුව රජය විසින් සද්භාවයෙන් ගනු ලබූ තීන්දුවක් මිස පොහොර සහනාධාරය කපාහැරීම සදහා ගනුලැබූ තීන්දුවක් නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය හැක.
6. කෙටි කාලයක් සදහා භාවිතයට අවසර දෙන ආනයනික රසායනික පොහොර සහ දීර්ඝකාලීනව දේශියව නිපදවන පොස්පේට් සහ පොටැසියම් අඩංගු රසායනික පොහොර යෙදීමේදී අදාල භූමියේ පවතින ඌණතාවයන්ට අනුව පමණක් එම රසායනික පොහොර භාවිතා කළ යුතු බවට නිර්දේශ කිරීම. ගොවියාගේ ඉතිරිකිරීම් හෙවත් පොහොර සහනාධාරය පොහොර මිළදී ගැනීම සඳහා නිදහස් කළ යුත්තේ එම පරීක්ෂණ වාර්තාවන්ට අනුවය. එසේම වගාභූමි යාය වශයෙන් සළකුණු කොට පස් පරික්ෂා කිරීම සදහා යාන්ත්‍රණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පිහිටුවීම.
7. රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබනික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම.
8. දේශියව මහා පරිමානයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කරන ආයතනවල ධාරිතාව වැඩිකිරීම සහ මිළ අඩු කිරීම සඳහා රජය විසින් එකඟතාවයන්ට අනුව සහන ලබාදීම. එසේම නාගරික අපද්‍රව්‍යය හෝ කෘෂි අපද්‍රව්‍ය යොදාගනිමින් කොම්පොස්ට් පොහොර වානිජ වශයෙන් නිපදවන ආයතන සදහා ප්‍රමිතීන් නියම කිරීම සහ අවශ්‍ය පුහුණුව මෙන්ම සහතික කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම. එසේ වුවත් කාබනික පොහොර ප්‍රධාන වශයෙන් කොම්පොස්ට් පොහොර ගොවිබිමේදී සාදාගත යුතුය.
9. කාබනික වගාවන් හෙවත් ස්වභාවික ගොවිතැන්ක්‍රම වලට මාරුවන ගොවීන් දිරිමත් කිරීම සඳහා එසේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම නිසා අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව ගොවියාට සහනයක් ලබාදෙන බව සහතික කිරීම සඳහා රජයේ පූර්ණ දායකත්වය සහිතව කෘෂි රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම. එසේම වී සඳහා වන සහතික මිල රු. 60 දක්වා ඉහළ දමීම. (එමගින් සහල් මිල රුපියල් 105 මට්ටමේ තබාගත හැක)
10. ස්වභාවික ගොවිතැන් ක්‍රම විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් පලයේකාර් විසින් ගොම සහ ගව මුත්‍රා යොදාගනිමින් හඳුන්වා දී ඇති ගොවීන් මිලියන 40ක් විසින් භාවිතා කරන “ශුන්‍යය පිරිවැය ගොවිතැන්ක්‍රම” හඳුන්වාදීම සඳහා ජාතික මට්ටමින් විධිමත් ගොවි අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වාදීම සහ ඒ තුළ භෝග වගාව සමග කිරිගොවිතැන ඒකාබද්ධ කිරීම සදහා අධ්‍යාපනය සහ දිරිගන්වීම් ලබාදීම සදහා ප්‍රම්‍රඛතාවයක් ලබාදීම. එසේම එම ක්‍රියාවලිය තුළ දේශීය බීජ ප්‍රභේද ප්‍රචලිත කිරීම සහ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී කළ පරිදි බීජ ගොවිපළ ජාලයට සහ බීජ වැඩසටහනට නැවත පණදීම.
11. රසායනික පොහොර භාවිතය සීමා කිරීමට සමගාමීව පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සදහා ඊට අදාළ පනත් සංශෝධනය කිරීම මගින් අලෙවිකරුවන්ට ප්‍රමිතීන් පැනවීම සහ කෘෂි නිලධාරියෙකුගේ නිරේදේශයකට අනුව පමණක් පළිබෝධනාශක නිකුත් කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන පැනවීම මෙන්ම එම ක්‍රියාවලිය නිසිලෙස නියාමනය කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වාදීම.
12. ස්වභාවික ගොවිතැන් ක්‍රම සහ වස විෂ නොමැති ආහාර පරිභෝජනය උසස් ක්‍රියාවක් ලෙස සමාජගත කිරීම සහ එවැනි ජීවන ක්‍රමයක් ප්‍රචලිත කිරීම මෙන්ම කුඩා පරිමාන ගෙවතුවගාව සහ ආහාරයේ විවිධත්වය වැඩි කිරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය මැදිහත්වීමෙන් පුළුල් අධ්‍යාපන සහ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම. එසේම රුක් රෝපන වැඩසටහන් වලදී බහු වාර්ගික ආහාර භෝග වගාව විශේෂයෙන්ම කොස්, දෙල්, පළතුරු ආදී ශාඛ වලට පූමුඛතාවය ලබාදීම සහ ඊට පහසුකම් සැළසීම සදහා පැල තවාන්කරුවන් දිරිමත් කිරීම සදහා වැඩසටහන් හඳුන්වා දීම. වස විෂ නැති උසස් ගොවිතැන් ක්‍රම සහ දේශීය බීජ ප්‍රභේද භාවිතා කිරීමේදී අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් එය තුලනය කළ හැක්කේ ආහාර විවිධත්වය වැඩිකිරීම මගින් බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ආහාර විවිධත්වය ආහාර සුරක්ෂිතතාවය සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...