කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තෙරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙසත් ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මකවීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබෙන නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමුකිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටී.
අනාගත දරු පරපුරේ යහපත උදෙසා ගනු ලබන මෙම උත්සහායේදී ගොවියාට අපහසුතාවයක් නොවන පරිදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව පැවසේ.
නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද ජනාධිපති මාධ්‍යය අංශය පවසා සිටී.
එහිදී පොහොර නිෂ්පාදකයෝ පවසා ඇත්තේ, කන්න කිහිපයක් ඇතුළත කෘෂි කර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බවය.
රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව රජය වැය කරන විශාල මුදල කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පියවර රැසක්ගෙන ඇති බව සාකච්ඡාවේදී අනාවරණය කෙරුණු අතර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඩු පොලියට ණය පහසුකම් සැපයීමට රාජ්‍ය බැංකු ඉදිරිපත්ව සිටින බවද අනාවරණය වී ඇති අතර කාබනික පොහොර භාවිතය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බව අණාවරණය විය.
මෙහිදී විෂය භාර අමාත්‍යයවරු පෙන්වා දී ඇත්තේ දිවයිනේ සියලු ප්‍රදේශවල නිෂ්පාදනය කරන කාබනික පොහොර, ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මිලදී ගැනීමටත්, වී ඇතුලු වෙනත් භෝගවලට අනුව පොහොර බෙදාදීමට අවශ්‍ය යාන්ත්‍රණයත් සකසා අවසන් බවයි.
ඒ අනුව ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට මහ කන්නයට පෙර, ග්‍රාමීය මට්ටමින් පස පරීක්ෂා කර යෙදියයුතු පොහොර ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාගන්නැයි උපදෙස් දී ඇති බවද ජනාධිපති මාධ්‍යය අංශය පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...