දේශීය පුවත්

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ඊයේ (26 දා) දින ගිලා බැස ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසීය.

කොත්මලේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇද හැලූණු අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසීම සිදුවී තිබේ. ජලාශ වේල්ලට මීටර් කිහිපයක් නුදුරින් කොත්මලේ හරංගල හරහා නාවලපිටියට පිවිසෙන මාර්ගයේ ස්භාවික ඇළක් හරහා ඉදිකර තිබෙන බෝක්කුවක් මෙලෙස ගිලා බැස ඇති බව ඉංජිනේරුවරයා කියා සිටියේය. ඊයේ (26 දා) දින අලූයම 5.00 ට පමණ ගිලා බැස ඇති බවත්, ගිලා බැසීම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිඳු හානියක් හෝ අවදානමක් නොමැති බවත්, ගිලා බැස ඇති ස්ථානය පිළිසකර කිරීමට කටයුතු කරන බවත්, එතෙක් ජලාශ වේල්ල හරහා රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බව කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නුවරඑළිය – නාලක රත්නායක

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More