දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 19 වෙනිදා කොළඹ වරායට ඇතුල් වීම සඳහා කොළඹ වරායට නාවික සැතපුම් 9ක් පමණ ගිණිකොන දිශාවට වන්නට නැංගූරම් ලා සිටියේය. දින දෙකක් පමණ එම නැව නැංගූරම් ලා සිටින අතර තුර නැවෙහි කන්ටේනර් පෙට්ටි පටවා තිබෙන ප්‍රදේශයේ ඇතිවූ ගින්න හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුහුදු බත් විය.

නාවික කටයුතු පිළිබඳ විශේෂඥයෙකු මෙම නැවෙහි ගිනි ගැනීම සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ලීඩ් වෙත පවසා සිටියේ අපගේ මුහුදට විශාල වශයෙන් විෂ රසායන ද්‍රව්‍යය එක් කරමින් දැවැන්ත විනාශයක් කරලීම පිටුපස විශාල කුමන්ත්‍රණයක් සිදුව ඇති බවයි.

එහිදී ඔහු පවසා සිටින්නේ අදාළ නැව කටාර් රාජ්‍යයේ කටාර් වරායෙන් පිටත්ව සැලකිය යුතු දුරක් ගමන් කළ පසු නැවෙහි කන්ටේනර් පටවා තිබෙන කොටසෙහි යම් කිසි අණතුරක් සිදුවිය හැකි බව කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කර ඇති බවයි.  ඒ අනුව මෙවැනි තත්වයක් පාලනය කිරීමට පහසුකම් ඇති ළඟම පිහිටි වරාය වන ඉන්දියාවේ හසාරියා වරායෙන් නැව ඇතුළු කිරීමට අවසර ඉල්ලා ඇති බව ඔහු පවසා සිටියේය.

නැවෙහි කාර්ය මණ්ඩලය සැලකිය යුතු පිරිසක් ඉන්දියානු ජාතිකයන් වුවද ඉන්දියාවේ හසයිරා වරායට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු වන බව එම විශේෂඥයා අවධාරණය කරයි. එයට හේතු ලෙස එම විශේෂඥයා ඉදිරිපත් කරන්නේ මෙම නැව ” ජාත්‍යයන්තර සමුද්‍රීය අන්තරායාකාර භාන්ඩ” ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු මූලික ආරක්ෂණ ක්‍රමවේදයන් වන වහා ගිණි ඇවිලෙන සුළු ද්‍රව්‍යය අඩංගු කන්ටේනර, ඉහළම කොටසට පැමිණෙන ලෙස ගබඩා කිරීම කළ යුතු බවට වන නීතිය හිතා මතා උල්ලංඝනය කර ඇති නිසා බවයි. නැවෙහි ගින්න හටගත් ආකාරය අධ්‍යයනයේදී එම නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව වැටහෙන්නේ නැවෙහි ගින්න හටගෙන ඇත්තේ කන්ටේනර වල ඉහලම කොටසින් නොව මැද ප්‍රදේශයේ තිබූ කන්ටේනර වලින් වීම නිසායැයි එම විශේෂඥයා අවධාරණය කරයි.

ඉන්පසු නැවෙහි ගමන් මාර්ගය නැගෙනහිර අප්‍රිකානු රටක් බලා යාත්‍රා කිරීමට දිශානති කරවා ඇති බව වැටහෙන බව එම විශේෂඥයා සිතියම් ආශ්‍රයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අදාළ නැව් සමාගම කොළඹ බළධාරීන් සම්බන්ධ කරගෙන ඇත්තේ නැවෙහි තත්වය ඔවුන් යායුතු වරාය දක්වා ගමන් කිරීමට තරම් ආරක්ෂක මට්ටම්මක නැති බව අවබෝධ වීම නිසා බව එම විශේෂඥයා අවධාරණය කරයි. නමුත් ඒ වන විටත් නැව සැලකිය යුතු දුරක් අරාබි මුහුදේ නැව් සමාගම දැනට සඟවන නැවෙහි ගමනාන්ත වරාය දෙසට ගමන් කර ඇති බව පැහැදිලි වන බව සිතියම අධ්‍යයනයෙන් පැහැදිළි වේ.

කෙසේ වුවද කොළඹ නෞකා ලියාපදිංචි කාර්යාලයේ සිටින ඉහළම මට්ටමේ දූෂිත නිළධාරියෙකු සුපුරුදු පරිදි අතයට ගනුදෙනු ගෙන නැව කොළඹ වරායාට පැමිණීමට අවසර ලබා දී ඇති බව ඔහු දැඩිව අවධාරණය කරයි. ඊට අමතරව මෙම සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සිටින ඉහළම මට්ටමේ නිලධාරීන්ගේ නොදැනුවත්කම් මෙන්ම මෙවැනි භයානක අවස්ථාවන් පිළිබඳ අත්දැකීම් නොමැති වීම මෙම අණතුර අපේ වරාය සීමාවටම ගෙන්වා ගැනීමට හේතු වී ඇති බව එම විශේෂඥයා පෙන්වා දේ. ඔහුට අනුව නැවෙහි ගමන් මඟ පිළිබඳ සියළු තොරතුරු එක්ස්ප්‍රස් ෆීඩර් නම් නැව් සමාගම විසින් හිතා මතා හංගා  ගෙන සිටියි.

එම නාවික විශේෂඥයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම නීති විරෝධී ක්‍රම උපයෝගී කරගිනිමින් භාන්ඩ පටවා ඇති නෞකාව යම් කිසි විදියකින් කොළඹ වරායට ඇතුළු වී තිබුණේ නම් සිදු වීමට නියමිත වූ පාඩුව ගණන් බැලිය නොහැකි තරම් විශාල බවයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙවැනි තත්වයන් වලක්වා ගැනීමටත් ජාතිය මර උගුල්වල වට්ටවන නිළධාරින් මට්ටු කිරීමටත් මෙම නැව සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More