දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන අපරාධ විමසුමට ලක්කිරීම සදහා අන්තර්ජාතික යාන්ත්‍රණයක් හදුන්වාදිය යුතුව ඇතැයි, එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත්ව තිබෙන ද්විපක්ෂ යෝජනාවලියක් සම්බන්ධයෙන් ද, අවධානය යොමුකිරීම වටී. එය ඉදිරිපත් කර තිබෙන්නේ ඩෙබෝරා රොස්ය. යෝජනාවලියේ අන්තර්ගතය පහත පරිදිය.

 

1. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන්ව වසර 12ක් ගතව තිබෙන බව පිළිගන්නා අතරම, ගැටුමින් අගතියට පත් සියලුම පාර්ශවයන්ට සාතිශ්‍ය සංවේගය පළකරයි.

2. මියගියවුන්ගේ මතකයන් ගෞරවයෙන් සිහිපත් කෙරෙන අතරම, සංහිදියාව, නැවත ගොඩනැගීම, වන්දි හා දීමනා ලබාගැනීම සහ සැබෑ වෙනසක් අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බව සහතික කරයි.

3. මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් වන සාක්කි එකතු කිරීමට සහ සංරක්ෂණය කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛත්වය ලබා දී තිබීම සම්බන්ධයෙන් සතුට පළකරන අතරම, එම ක්‍රියාවලියට ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් බාධා එල්ල නොවිය යුතුව ඇතැයි කියයි.

4. සිය අතුරුදන්වූවන් සොයාදෙන ලෙස යළි යළිත් විරෝධතා පවත්වන, ඉල්ලීම් සිදුකරන සහ ඇතැම් අවස්ථාවල එම විරෝධතා සහ ඉල්ලීම් තර්ජනයෙන්, බිය ගැන්වීමෙන් සහ හිංසනයෙන් මර්දනය කිරීමට උත්සාහ කරන රජයේ ආරක්ෂක අංශවලට මුහුණ දෙමින් සිටින, දෙමළ ජාතික පවුල් ඇතුලු ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් වෙනුවෙන් යුක්තිය දිනා දීමට කැපවී සිටින පුද්ගලයින්ගේ නිර්භීතභාවය සහ කැපවීම අගය කරයි.

5. ඉතිහාසයේ සිටම බලපෑම් එල්ල කැරෙමින් පවතින ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කලාපයේ ජනතාවගේ දේශපාලන අයිතීන් සුරක්ෂිත කිරීම සදහා මුල් වන්නැයි අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතරම බෙදුම්වාදී යුද්ධයට තුඩු දුන් අභ්‍යන්තරික ගැටලු විසදාලීමේ සමත් දේශපාලනමය විසදුමක් සෙවීමට කටයුතු කරන්නැයි ඉල්ලයි.

6. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ප්‍රකාරව, විමර්ශන පැවැත්වීමට සහ නඩු පැවරීමට තිබෙන ඉඩකඩ එක්සත් ජනපදය සොයා බැලිය යුතුව ඇතැයි නිර්දේශ කරයි.

7. ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේ වූ බරපතල අපරාධයන් පසුපස සිටින්නවුන්, එම අපරාධවලට වගවන බව සහතික කිරීම සදහා අවැසි විශ්වසනීය සහ අන්තර්ජාතික යාන්ත්‍රණයක් ගොඩනැගීමට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග එක්ව කටයුතු කරන්නැයි එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී.

මේවායේ 3, 6, සහ 7 කරුණුවල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගැන සදහන් වේ. නෛතික ක්‍රියාමාර්ග ගැනීම සදහා බලය ඇති එක්සත් ජාතීන්ගේ එකම ව්‍යුහය එයයි.

ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරයේ දී, ශ්‍රී ලංකාවේ ගැටලුව නැවත වරක් සාකච්ඡාවට ගැනෙනු ඇත. එය අමතක කර නොමැත. එහෙයින්, රජයට ඉදිරි සති හා මාස කිහිපය ඇතුළත, ලිහා සරල කරගැනීමට තිබෙන ගැටලු නම් බොහෝය.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය – කෝවිද ගුණසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More