ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමඟම කාබනික පොහොර ආනයනය වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම සඳහා බොහෝ පිරිස් උත්සහා ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඒ අනුව ඊශ්‍රායලයෙන් පැමිණි කාබනික පොහොර ජාවාරම් කරුවන් දෙදෙනෙකු රතන හිමියන් මුණ ගැසී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තාවේ.
රතන හිමියෝ ජනාධිපති තුමා විසින් රසායනික පොහොර තහනම පැනවූ විගසම කාබනික පොහොර ප්‍රචලිත කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්නා පාර්ශව අතර කැපී පෙනෙන වැඩ කොටසක් කරනු ලබන්නාහ.
පසුගිය 22 වෙනි සෙනසුරාදා රාජගිරියේ සදහම් සෙවනේදී රතන හිමියන් විසින් සංවිධානය කරණ ලද දිනක සාකච්ඡාමය වැඩමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්‍යය අමාත්‍යය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් අමාත්‍යය උදය ගම්මන්පිල,අමාත්‍යය වාසුදේව නනායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ පක්ෂයේ ලේකම් වෛද්‍යය ජී වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග යන මහත්වරුන් සහභාගි වූහ. තවද ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් ජීවන්ත ජයතිස්ස මහතා සහභාගි විය.
එහිදී ඊශ්‍රායල් ජාතික කෘෂි විද්‍යාඥයෙකු විසින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මන්නාරම වැනි වියලි කලාපය ආශ්‍රිතව කාබනික පොහොර ආශ්‍රිතව ශ්‍රී ලාංකිකයන් සමඟ කළ වගාවන් සම්බන්ධ පර්යේෂණ සම්බන්ධයෙන්ද දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථික විශේෂඥයන්ට අනුව යම් විදියකින් කාබනික පොහොර ආනයනයට ලංකා ආණ්ඩුව අවසර ලබා දුනහොත් රසායනික පොහොර ආනයනයෙන් රටට සිදුවූ හානියට වඩා බරපතල හානියක් සිදුවීම නියතය.
කෙසේ වුවද එම සාකච්ඡාමය වැඩමුළුවට ජාතික සංවිධාන එකමුතුව මගින් රසායනික පොහොර ආනයනය කිරීම අවසන් කිරීමට ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කරන ලද දොළොස් වැදෑරුම් වැඩපිළිවෙලද ඉදිරිපත් කෙරුණි.
එම යෝජනාවලියේ 7 වන යෝජනාව ” රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබනික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම.” යන වගන්තිය ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...