කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැයි 24 දින ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් හා චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට නියමිතයි.
කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත්කරණය හැර වෙනත් විසඳුමක් නොමැති තත්ත්වයක් යටතේ ඉතා ඉක්මණින් අවශ්‍ය කරන එන්නත් සපයා ගත යුතුව ඇති බැවින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එසේම මෙම වර්ෂය අවසානය වන විට මුළු ජනගහනයෙන් 60% -70% අතර ප්‍රමාණයක් සඳහා එන්නත් ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද එම තීරණයේ වැඩිදුරටත් සඳහන්.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...