දේශීය පුවත්

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් අවසර ලබාදී ඇති කේෂ්ත්‍රයන් අවභාවිතා කළ පුද්ගලයින් තිදෙනෙකු අද දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අද දින නාරාහේන්පිට පොලිසිය ඉදිරිපිට මාර්ග බාධකයකයේදී වෛද්‍යවරයකු බව හගවා එම ස්ථානය පසුකොට යෑමට උත්සාහ කළ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මිට අමතරව කුරුඳුවත්ත පොලිසිය විසින් විජේරාම ප්‍රදේශයේදී 46 හැවිරිදි පුද්ගලයෙකු වෛද්‍ය ලාංජනයක් සහිත වාහනයක් පදවමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊට අමතරව කොළඹ කොටුව ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින් වෛද්‍ය ලාංජනයක් සහිත වාහනයක් පරික්ෂා කොට ඇති අතර එහිදී වෛද්‍ය ලාංජනය අවභාවිතා කළ 28 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අයුරින් වෛද්‍ය ලාංජනය අවභාවිතා කරමින් ඇතැම් පුද්ගලයින් කටයුතු කරනු ලබන බවට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී අවදානයට යොමු වී තිබුණා. මෙහිදී ජනාධිපතිවරයා දැනුම් දී සිටියේ අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ලබාදී ඇති කේෂ්ත්‍ර අව්භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන ලෙසයි.

ඒ අනුව පොලිසිය විසින් අද දිනයේදී සියලු මාර්ග බාධක රාජකාරියේ නියුතු නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස දැනුම් දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More