දේශීය පුවත්

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප‍්‍රස් පර්ල් ’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බැවින් එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වූ වෙරළ කලාපය තුළ එම ද්‍රව්‍ය පාවෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.

මෙවැනි දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ‍්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලිසියට දැනුම් දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙයි.

මෙම නෞකාවේ ඊයේ (25දා* පෙරවරුවේ පිපිරීමත් සමග කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති අතර එහි සේවය කළ ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනකු තුවාල ලබා නාවික හමුදාවෙන් බේරා ගැනීමෙන් අනතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. එසේම එහි සේවය කළ සෙසු නාවිකයින් 25 දෙනාද නාවික හමුදාව විසින් ආරක්ෂාකාරීව ගොඩබිමට ගෙනවිත් තිබේ.

‘එක්ස්ප‍්‍රස් පර්ල් ’ නෞකාවේ ගින්න හේතුවෙන් එය දෙකඩ වීමේ අවදානමක් ඇති බව නාවික විශේෂඥයෝ පවසති. එසේ වුවහොත් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වළක්වා ගැනීම

සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබේ.

මේ අතර නෞකාවේ පවතින ගින්න පාලනය කිරීමට සහාය වීම සඳහා ඉන්දීය සහන කණ්ඩායමක් ද යොමුකර ඇත. ඒ සඳහා ටග් යාත‍්‍රාවක් සහ ඉන්දීය වෙරළ ආරක්ෂක යාත‍්‍රා දෙකක් ද යොමුකර තිබේ.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිටි‍්‍රක් ඇසිඞ් (භසඑරසජ ්ජසා* ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලූ‍ම් 1486ක් රැුගෙන යාත‍්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වැනිදා කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ගින්න හටගෙන තිබිණි.

නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා ප‍්‍රකාශ කරන්නේ ඊයේ (මැයි 25දා* උදෑසන නෞකාවේ පිපිරීමක් සිදුවූ අතර ඉන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු තුවාල ලද බවය. ඊයේ උදෑසන කළ මෙහෙයුමකින් කාර්ය මණ්ඩලයේ 25 දෙනාම

නෞකාවෙන් ඉවත් කළ බවත් තුවාල වූ දෙදෙනා රෝහල්ගත කළ බවත් ඔහු පැවසීය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පවසන්නේ නෞකාවේ ගින්නේ ස්වභාවය අනුව නැව කොටස් දෙකකට කැඞීයාමේ අනතුරක් ඇති අතර එසේ වුවහොත් අවට සමුද්‍රීය පරිසරට සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තීරණය කළ බවය.

‘‘ගින්න තවමත් පැතිරෙමින් පවතිනවා. ගින්නේ ස්වභාවය නිසා අනෙකුත් ටග් බෝට්ටු එහෙම ළංවෙලා නෑ. ගින්න නිසා බහාලූ‍ම් මුහුදට වැටෙමින් තිබෙනවා. උදේ වෙනකොට 10ක් විතර ගිනි ගැනීමෙන් වැටුණා. තවත් ඒවා ඒ විදිහට වැටෙමින් පවතිනවා, නැවේ පිපිරීම් කිහිපයකුත් වාර්තා වුණා. ඒ නිසා නැවේ හිටපු නාවුකයන් කිහිප දෙනෙකු තුවාල වුණා. මේ නිසා නැවේ සියලූ‍ම දෙනාව ඉවත් කරන්න වුණා,”‍ යැයි ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පවසයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More