අමෙරිකා එක්සත් ජනපදයේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන් සඳහා අණතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වෛරසය ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම අත්හිටුවන ලෙසයි.
ඊට අමතර ශ්‍රී ලංකාව තුළ නුදුරු දිනකදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත්, සංචාරකයන් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, ආපන ශාලා, සුපිරි වෙළෙදසැල්, පොදු ස්ථාන, හෝටල්, රෙස්ටූරන්ට්, ආගමික ස්ථාන, ගුවන්තොටුපොළවල්, විශාල සංස්කෘතික උත්සව, අධ්‍යාපන ස්ථාන, රෝහල් ආදිය ත්‍රස්ත ඉලක්ක විය හැකි බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් එරට වැසියන්ට අවවාද කර සිටී.
එම නිවේදනය මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අවවාද කරණු ලබන්නේ මේ හේතුව මත යම් හදිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ලංකාවේ දුරස්ථ ප්‍රදේශවල සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවක් පැන නගිනු ඇති බවත් ඒ අනුව ආරක්ෂාකාරී පියවරක් ලෙස ශ්‍රී ලංකාව තුළ සංචාරය අත්හිටුවීමට කටයුතු කරණ ලෙසත්ය.
Do not travel to Sri Lanka due to COVID-19. Exercise increased caution in Sri Lanka due to terrorism.
Read the Department of State’s COVID-19 page before you plan any international travel.
The Centers for Disease Control and Prevention (CDC) has issued a Level 4 Travel Health Notice for Sri Lanka due to COVID-19, indicating a very high level of COVID-19 in the country. Visit the Embassy’s COVID-19 page for more information on COVID-19 in Sri Lanka.
Terrorists may attack with little or no warning, targeting tourist locations, transportation hubs, markets, shopping malls, government facilities, hotels, clubs, restaurants, places of worship, parks, major sporting and cultural events, educational institutions, airports, hospitals, and other public areas.
The U.S. government has limited ability to provide emergency services to U.S. citizens in remote areas.
https://travel.state.gov/content/travel/en/traveladvisories/traveladvisories/sri-lanka-travel-advisory.html
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...