රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(24) නිකුත් කළ වාර්තාවකින් තහවුරු වන්නේ 2021 මැයි මස 17 වනදා සිට මැයි මස 24වනදා දක්වා අතර කාලය තුළ කොවිඩ් මරණ 28ක් වාර්තා වී ඇති බවයි. එසේම මැයි මස 24 වන දින පමණක් කොවිඩ් ආසාදිත මරණ 05ක් සිදුව ඇති බවද කියවේ.
මෙම මරණ සංඛ්‍යාවත් සමඟ ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 1243ක් සිදුව ඇති බවද තහවුරුවේ.විශේෂත්වය වන්නේ වාර්තාවී ඇති මරණ 33න් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදී වීමයි. මෙසේ මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකි.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ ජීවත්වූ වයස අවුරුදු 104ක් වූ කාන්තාවයි. ඇය කොවිඩ් නියුමෝනියා තත්වය උත්සන්න වීමෙන් නිවස තුළම මිය ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...