නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අභයාරාමයේ පවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ රටට විපතක් සිදු වී ඇති අවස්ථාවක ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවී යාම කනගාටුදායක තත්ත්වයක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ රට වැටී තිබෙන තත්වය හමුවේ බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව යාම සිදු නොකළ යුත්තක් බව අවධාරණය කළෝය.
මීට පෙරද බැසිල් රාජපක්ෂ මහතා රට අර්බූදකාරි තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවල රටින් පිට වූ බව පෙන්වා දුන් උන්වහන්සේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී තම වැඩ කටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවද කියා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...