හෝමාගම මූලික රෝහලේ වකුගඩු රෝගී අංශයට මෙතෙක් බරපතළ අඩුපාඩුවක්ව පැවති රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) කටයුතු කළේය.
මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රය හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජනිත් හෙට්ටිආරච්චි මහතා වෙත අමාත්‍යවරයා විසින් රෝහල් පරිශ්‍රයේදී ප්‍රදානය කරනු ලැබීය.
කොරෝනා රෝග ව්‍යාප්තියත් සමග හෝමාගම මූලික රෝහල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට පත් පත් කළ අතර එම රෝගීන් අතර සිටි වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කිරීමේදී මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රයේ අවශ්‍යතාව බරපතලව දැනුනු බවත් එම අවශ්‍යතාව කඩිනමින් සැපිරීමට කටයුතු කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් කෘතවේදීත්වය පුද කරන බවත් හෝමාගම රෝහල් වෛද්‍ය අධිකාරි ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රුපියල් ලක්ෂ 22කට අධික වටිනාකමින් යුත් මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රය රෝහල් බලධාරීන් වෙත ප්‍රදානය කරන අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හෝමාගම ආසන සංවිධායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රබෝධ පීරිස්, රෝහලේ වකුගඩු රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය සී. බෙලිගස්වත්ත, වෛද්‍ය අශෝක ජයතිලක යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...