දේශීය පුවත්

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය අද (24දා) වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි නිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප‍්‍රදේශ තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මෙහි බලපෑම දිවයින අභ්‍යන්තරයට දින 03ක පමණ කාලයක් බලපානු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මන්නාරම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවල තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසීය.

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං නිරිත දිසාවෙන් හමා එයි. සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 30-40ක් පමණ වේ. හලාවත සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත‍්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර 55-60 දක්වා වැඩි විය හැක. සෙසු මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප‍්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ විටින් විට රළු වන අතර සෙසු මුහුදු ප‍්‍රදේශ තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප‍්‍රදේශවල තාවකාලික තද සුළං (පැයට කිලෝමීටර 70-80) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියා සිටියේ කොළඹ, කළුතර, ගාල්ල, හම්බන්තොට, රත්නපුර ඇතුළු දිස්ත‍්‍රික්ක 12ක ජනතාව වෙනුවෙන් සහන මධ්‍යස්ථාන සූදානම් කර ඒ සඳහා මුදල් ද මේ වන විට වෙන් කර ඇති බවය.

මේ අතර නිරෝධායනයට ලක් වන පුද්ගලයන් යම් ආපදා අවස්ථාවකට මුහුණ දෙන්නේ නම් වෛද්‍ය අංශය සමග එක්වී මෙම පුද්ගලයන් ර`දවා තැබීමට නිරෝධායන අතරමැදි මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

නේවාසිකව හා නිවසේ සිට නිරෝධායනය වන පුද්ගලයන් පැය 24කට පෙර අදාළ ස්ථානවලින් ඉවත් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවද පැවසූ ඒ මහතා ආපදාවන් දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති 117 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී. විශේෂයෙන් ගැබිනි මාතාවන් මේ සඳහා දැනුවත් වන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

පසුගිය දිනවල ඇදහැලූණු වර්ෂාවත් සමඟ කැලණි, කළු, ගිං ගංගා සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම් මේ වන විට පිරී ඇති නිසා තවදුරටත් අධික වර්ෂාවක් පතිත වුවහොත් එම ගංගා සහ ඔය පිටාර ගලා ජනතාව පීඩාවට පත් විය හැකි නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද ඒ මහතා ඉල්ලා සිටී. විශේෂයෙන් ජලය පිරී ඇති ස්ථානවල ඔරු පාරු පැදීමෙන් වැළකී සිටින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. කඳු බෑවුම්වල සිටින ජනතාවට නායයෑමේ අවදානම් තත්ත්වයන් ඇති විය හැකි නිසා ඒ කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.

මේ වන විට රට තුළ නිරිත දිග මෝසම සක‍්‍රීය වීමත් සමග ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ පළාත් කීපයකට ගංවතුර හා නායයෑමේ අවදානමක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇත. එම ආපදා තත්ත්වයන්ට සහන සැලසීම හා මුදා ගැනීමේ කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව ගුවන්යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වන විටත් උපදෙස් දී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (23දා) පැවසීය.

ආපදා තත්ත්වයන් පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බල ගණයට අයත් බීච් ක‍්‍රාෆ්ට් 200 වර්ගයේ ගුවන් යානාවන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ හා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේ සූදානම් කර ඇත. එමෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුර තුළ බෙල් 212 හෙලිකොප්ටර යානා 01ක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානා 02ක් ද හිඟුරක්ගොඩ ගුවන් හමුදා ක`දවුර තුළ බෙල් 212 හෙලිකොප්ටර් යානා 03ක්ද, පලාලි ගුවන් හමුදා ක`දවුර තුළ බෙල් 212 හෙලිකොප්ටර් යානා 01ක්ද, අනුරාධපුර ගුවන් හමුදා කඳවුර තුළ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02ක්ද සමග මුදා ගැනීම සඳහා විශේෂ පුහුණුව ලැබූ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ කාර්ය බළකා භට පිරිස් ද මේ වන විට සූදානමින් සිටින බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. මේ අතර නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා ද ප‍්‍රකාශ කර සිටියේ ගංවතුර හෝ එවැනි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් නාවික හමුදාව ද ආපදාවට ලක් වන පිරිස්වලට සහන සැලසීම සඳහා ස්ථානගත කර ඇතැයිද ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More