දේශීය පුවත්

අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ අංක දරන විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දී ඇත.

මෙම 1965 දරන විශේෂ දුකරතන අංකය අද සිට කි‍්‍රයාත්මක වන බව ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

මෙය පැය 24 පුරාම කි‍්‍රයාත්මක වන අතර මහජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තොරතුරු එම අංකය ඔස්සේ ලබා ගත හැකි බව ද එම බලකාය සදහන් කරයි.

මුඵ දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා ඇති මෙවන් අවස්ථාවක ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා නොඅඩුව ලබා දීම සඳහා මෙම දුරකතන සේවාව කි‍්‍රයාත්මකව ඇති අතර එමගින් මහජනතාවට අපහසුතාවකින් තොරව භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ඇති බව ද ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම ස`දහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

‘‘1965’’ මෙම විශේෂ දුරකතන අංකය කොව්ඞ් 19 වයිරස තත්ත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා පැනවෙන අවස්ථාවලදී කි‍්‍රයාත්මක වනු ඇති බව ද ස`දහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More