මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ දැනට ක්‍රියාත්මකව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව පවසයි.
කෙසේ වුවද හෙට දිනයේ අවශ්‍යය පාරිභොගික භාන්ඩ මිළදී ගැනීම පිණිස යම් ළිහිල් කිරීමක් සිදු කරණ බවත් කරන බවත් වාහන පාවිච්චි කිරීමට ඉඩ නොලැබෙන බවත් අමාත්‍යයවරයා අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා මැයි 31 වනදා සහ ජුනි 4 වනදා නිවසට අවශ්‍ය පාරිභෝගික භාන්ඩ මිළදී ගැනීමට නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙන බවද පවසා සිටියේය.
සංචරණ සීමා ඉවත් කිරීම ජූනි 7 වනදා උදෑසන 4.00ට සිදු කෙරෙයි.
ඒ අනුව ජූනි 07 තෙක් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන්නේ මෙසේය.
මැයි 25 රාත්‍රී 11.00 සිට මැයි 31 වනදා පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
මැයි 31 වනදා රාත්‍රී 11.00 සිට ජුනි 4 පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
ජුනි 4 රාත්‍රී 11.00 සිට ජූනි 7 වනදා පෙරවරු 4.00 දක්වා සංචරන සීමා ක‍්‍රියාත්මකය.
.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...