දේශීය පුවත්

වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත සමහර රෝගීන්ට වැළඳී ඇති කළු දිලීර රෝගය වැළඳුනු රෝගීන් මෙරටින් 2019 සිට හමුවී ඇති බව පැවසුවාය.

එහිදී ඇය මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ,”ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට වැළඳුණු මෙම කළු දිලීරය සම්බන්ධව අපේ සමාජයේ කථා වෙනවා.මෙම රෝගය මියුකොමයිකොසිස් යනුවෙන් හඳුන්වනවා. එම දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. 2019 වසරේදී කළු දිලීර රෝගීන් 42ක් සහ 2020දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වෙලා තිබෙනවා. නමුත් මේ කිසිම රෝගියෙකුට කොවිඩ් -19 ආසාදනය වෙලා නැහැ. ඒ විතරක් නොවෙයි මෙතෙක් මෙරට කොවිඩ් -19 ආසාදනය වූ රෝගීන්ට මියුකොමයිකොසිස් ආසාදනය වෙලා ඇති බවක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයි. එය වර්ධනයට අවශ්‍ය සියලු පරිසර සාධක අපේ රටේ තිබෙනවා. එම දිලීරය අපේ පස් වල තිබෙනවා. එම දිලීර රෝගය වැළදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට.” යනුවෙනි.



One thought on “කළු දිලීර රෝගය වැළඳුනු රෝගීන් මෙරටින් 2019 සිට හමුවී තිබෙනවා- දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More