ප‍්‍රධාන පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමේ අරමුණින් යුතුව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෙනයන ප්‍රචාරක මෙහෙයුමේ පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ‘වියත් මඟ’ සංවිධානයේ ප්‍රධානියකු පැවසිය.

ජනාධිපති අපේක්ෂත්වය සම්බන්ධයෙන් වියත්මග සංවිධානයේ විශ්‍රාමික හමුදා සාමාජිකයින් හා පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් අතර මත ගැටුමක් හට ගෙන ඇති බවටත් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වනවිට ක්‍රියාත්මක ප්‍රචාරක මෙහෙයුමට බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගේ සහය ලැබී ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන රාවය සම්බන්ධයෙන් ‘ලංකා නිව්ස් වෙබ්’ කළ විමසීමකදී ‘වියත් මඟ’ ප්‍රකාශකයා එ් බව සඳහන් කළේය.

ඔහුගේ නම හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි එම ප්‍රකාශකයා, බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් විසින් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔවුන් මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ‘වියත්මග’ට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පැවසිය.

මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන බවද ඔහු අවධාරණය කර සිටියේය

උපුටා ගැනීම ‘ලංකා නිව්ස් වෙබ්’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More