දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එහි කීර්තිමත් ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයාගේ රසවින්දනය උසස් තත්වයට පත් කරලීමේලා මහත් කැපවීමක් කළ ජනමාධ්‍යය ආයතනයකි. කෙසේ වුවද ශ්‍රී ලංකා ගුවන් විදුලිය සිංහල ශ්‍රාවකයන්ගෙන් ඉවත් වීමට සමාන්තරව ඉස්ලාම් අන්තවාදීන් ඉස්ලාම් ආගමේ ඇති අන්තවාදයන් සමාජගත කිරීමේ කටයුත්තට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යොදා ගැනීම ජයටම කෙරෙමින් පවතින බව වාර්තාවේ.

ඉස්ලාම් අන්තවාදීන්ගේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කල්ලියේ ක්‍රියා කාරිත්වයට යම් පමණකින් හෝ බාධාවක් එල්ල වූයේ සංස්ථාවේ සභාපති පුටුව ජගත් වික්‍රමසිංහ මහතාට හිමි වීමත් සමගිනි.
ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පත්කිරීමෙන් පසු අන්තවාදීන් විසින් ග්‍රහණයට ගෙන තිබූ මුස්ලිම් සේවය සුද්ධ කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් දරණු දක්නට ලැබුණි. එහෙත් කුමන්ත්‍රණකාරී ලෙස විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු සකස් කෙරුණි.

ජගත් වික්‍රමසිංහ මහතාගේ නික්මයාමෙන් පසු එළඹෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ ඉස්ලාම් අන්තවාදීන්ගේ පක්ෂියා රජවන කාල වකවානුවයි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යය වරයා ලෙස ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයට උපදෙස් ලබා දීම සඳහා උපදේශන මණ්ඩලයක් පත් කරණු ලැබිණි. එම උපදේශන මණ්ඩලය තුළ අහමඩ් මුනව්වර් නැමැත්තෙකුට තනතුරු හිමි වන අතර ඔහු පාස්කු කොමිෂන් සභා වාර්තාව මගින් පරීක්ෂණ කල යුතු බවට නම් කර ඇත්තෙකු වීම හිනාවීමට කාරණයක්ද කඳුළු සැලීමට කාරණයක්දැයි පත් කළ වුන්ම සිතා බැලිය යුතුය. මෙම පුද්ගලයා මුස්ලිම් සේවය තුළ අන්තවාදී දේශනා පැවැත්වීමට කටයුතු කළ තැනැත්තෙකු ලෙස චෝදනාවට ලක්වන අතර මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වූ ජමීල් නැමැත්තාගේ මාමණ්ඩිය වන බවද කියවේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය යළිත් වරක් අන්තවාදීන්ගේ තෝ තැන්නක් බවට පත්වෙමින් පවතින අතර ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත්තේ සලහුදීන් සහ අහමඩ් මුනව්වර් යන දෙදෙනා බව ප්‍රකාශිතය. මෙම සලහුදීන් නැමැත්තා පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් සඳහා භාවිතා කළ හෙලිකොප්ටර්වල බිල්පත් ගෙවා දමා ඇති බවට රාවයක් ගුවන් විදුලි සංස්ථා සේවකයන් අතර පවතී. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යයවරයාගේ සමීප ආරංචි මාර්ග වලින් කියවෙන්නේ සලහුදීන් නැමැත්තාට උපදේශන මණ්ඩලයේ තනතුරු පිරිනැමීමට අමත්‍යයවරයාට බලපා ඇත්තේ ඔහු අග්‍රාමාත්‍යවරයාගේ හිතවතෙකු ලෙස සැලකෙන නිසා බවයි.

කෙසේ වුවද පාස්කු කොමිසම පරීක්ෂණයක් කරණ ලෙසටත් නිර්දේශ කර ඇති අහමඩ් මුනව්වර් නමැත්තා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ තුළ සේවයේ පිහිටුවාලීමට බලපා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමනෝඥ තීරණ නිසා බව කියවේ. ඒ අනුව අහමඩ් මුනව්වර් යළි තමාගේ කාර්යභාරය ආරම්භ කර ඇත.

සලහුදීන් සතු අසීමිත ධනස්කන්දය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ උවමනා එපාකම් පිරිමසාලීම වෙනුවෙන් වෙන් වෙන බව පවසන සංස්ථා සේවකයෝ සලහුදීන්ට සහ අහමඩ් මුනව්වර්ට රිසි පරිදි කටයුතු කිරීමට චන්ද්‍රපාල ලියනගේ මහතා අධ්‍යයක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරන බවටද සේවකයෝ චෝදනා කරති. චන්ද්‍රපාල ලියන්ගේ මහතාට විරුද්ධව 2015 ට පෙර පැවති රජය යටතේ දුෂිත චෝදනා රැසක් එල්ල වී තිබෙන බවද සේවකයෝ පවසති.

මේ අතර, ඉර්ෆාන් මවුලානා මහතා විසින් ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහනක් ලෙස පවත්වාගෙන “යා ෆාතිමා” වැඩසටහන උපදේශන මණ්ඩලයේ තීරණයට අනුව නැවත්වීමට සිදුවන බව මුස්ලිම් සේවයේ අධ්‍යක්ෂිකා රෙනෝශියා විසින් පසුගිය දා ඉර්ෆාන් මවුලානාට මහතා වෙත දන්වා තිබෙන බවද කියවේ.

විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ගුවන් විදුලි සංසථාවේ සභාපති ලෙස කටයුතු කරන සමයේදී සාම්ප්‍රදායික මුස්ලිම් වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සඳහා පත්කළ රලීම් නැමැති මුස්ලිම් සේවයේ සේවකයාට සලහුදීන්, මුනව්වර් සහ අධ්‍යක්ෂක ජනරාල් චන්ද්‍රපාල මහතා විසින් තර්ජනය කර ඇති බව ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  සේවකයෝ පවසා සිටිති.

මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයෝ පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා තමන්ගේ මැතිවරණ  ව්‍යාපාරය වෙනුවෙන් බර පැන දැරූ අන්තවාදීන් පිනවීමට යාමෙන් අමාරුවේ වැටෙන්නේ අහිංසක සම්ප්‍රදායික ඉස්ලාම් භක්තිකයා සහ සමස්ත රට බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More