දේශීය පුවත්

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළමු “බතික් වෙසක් කූඩුව” පිළිගැන්වීම පසු ගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට මෙම බතික් වෙසක් කූඩුව පිළිගැන්නුවේය. නිවෙස්වල සිට වෙසක් සමරන බැතිමතුන් සඳහා රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය තුළින් වෙසක් නිර්මාණයන්හි දෘශ්‍ය පෙළහර විඳීමට ඉඩ සැළැස්වීම බතික් වෙසක් දෘශ්‍ය පූජාවේ අරමුණ වී තිබේ.

වෙසක් සැරසිලි නව්‍ය හා දේශීය මුහුණුවරකට හඳුන්වාදෙමින් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිමවා ඇති මෙම නිර්මාණය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකි. දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඉහළට ඔසවමින් බතික් මෝස්තර සඳහා නව ප්‍රවණතාවක් බිහි කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් කළ මෙම නිර්මාණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය. මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමා ද එක්ව සිටියහ.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More