ව්‍යාපාරික පුවත්

වාහනවලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අනතුරක් ඇතිව තිබෙන බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය පවසයි.

මෙයට පෙර වාහනවලට බදු ගැනීමේදී වාහනයේ එන්ජින් ධාරිතාව මත සිදුවූ අතර පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය නිසා පියවරෙන් පියවර බදු වැඩිවන බව ඔහු කියයි. මෙම තත්ත්වය නැති කිරීමට නම් මිල මත පදනම් වන ආනයන බදු ක්‍රමයක් ගෙනා යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට රටට වැඩිපුර ආනයනය කරන ජපන්, කොරියන් සහ ඉන්දියානු වාහනවල මිල ඒ රටවල වැඩිවෙමින් පවතින අතර රුපියලේ අවප්‍රමාණවීමද වාහන මිල කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.

කෙසේ වුවත් බොහෝ ආනයනකරුවන් තවමත් අලෙවි කරන්නේ පැරැණි බදු ක්‍රමය යටතේ ගෙන්වා ඇති වාහන නිසා ඒවායේ මිල වැඩිවීමක් බැලූ බැල්මට නොපෙනුණද නව බදු ක්‍රමය නිසා ඉදිරියේදී ගෙන්වන වාහන මිල අසාධාරණ ලෙස වැඩිවන බව සඳහන් වේ.

ඇතැම් ව්‍යාපාරිකයන් මිල පිළිබඳ පමණක් සලකා රටට නොගැලපෙන වාහන ගෙන්වීම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආනයනකරුවන්ද අපහසුතාවට පත්ව ති‍ෙබ්. අද රටට ආනයනය කරන ඇතැම් ජර්මන් හා ඉංග්‍රීසි වාහන රටේ මාර්ග පද්ධතියට සහ පරිසරයට නොගැලපෙන නිසා පාරිභෝගිකයන් නොදැනුවත්කමින් අමාරුවේ වැටෙන බව ඔහු පෙන්වා දෙයි. බොහෝ වාහනවලට අවශ්‍ය අමතර කොටස් ලබාගත නොහැකි අතර යම් අලුත්වැඩියා කිරීමක් සිදුවුවහොත් සුදුසු තාක්ෂණ ශිල්පීන් නොමැති වීමෙන් ගැටලු ඇතිවෙයි. මේ නිසා රජය වාහන ආනයනය පිළිබඳ යම් ප්‍රමිතියක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව සභාපතිවරයා පවසයි.

දේශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More