දේශීය පුවත්

කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාව සුවපත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන සමගි ජන බලවේගය විසින් “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 13වන පියවර ලෙස රුපියල් එකොළොස් ලක්ෂ අනූදහසක් (1,190,000) රෝහල් උපකරණ (21) පරිත්‍යාග කරනු ලැබීය. රු. පන්ලක්ෂ අනූපන්දහසක් (595,000) වටිනා Non invasive ventilator දෙකක් මෙලෙස කුලියාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වීරවත්ත මහතාවෙත පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More