කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුල වශයෙන් මිය යෑමට හේතුව නිවෙස් තුළ රෝගී සත්කාර සේවාවේ අසාර්ථකභාවය මත අවශ්‍ය ප‍්‍රතිකාර නිසි වේලාවට නොලැබීම යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
මේ හේතුවෙන් කොවිඞ් නිවුමෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම මත රෝගීන් නිවෙස් තුළ, මහමග සහ රෝහල් වලට ඇතුළත් කිරීමෙන් පසු සුළු කාලයකින් මිය ගොස් ඇති බවද එම සංගමය පවසයි .
මෙම වැඩපිළිවෙළේ අසාර්ථක භාවය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යෑම, සංකූලතා ඇති රෝගීන් මගහැරීම ඇතුළු ගැටලූ රැසක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.
එනිසා මෙම වැඩපිළිවෙළ ක‍්‍රමවත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කළ බව ද හෙතෙම කීවේය.
සිය සංගමයේ ඉල්ලීම අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකසන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කළ ද දින දාහතරක් ගතව ඇතත් ජනාධිපතිවරයාගේ නියෝග ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි ද රෝගීන් මහමග මිය යද්දී අමාත්‍යාංශය කඹ අදිමින් සිටින බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා චෝදනා කළේය.
නිවෙස් තුළ සිටින රෝගීන් සහ එහි නිවැසියන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් සහ රෝගීන්ට ප‍්‍රතිකාර කළ හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් මගින් සකස්කර වෛද්‍යවරුන් වෙත ලබාදිය යුතු බවත් හෙතෙම කීවේය .
එසේම පී සී ආර් පරීක්ෂණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම කොරෝනා රෝගීන් යැයි හඳුනා නොගත් රෝගීන් බොහෝ ප‍්‍රමාණයක් සමාජය තුළ සැරිසරමින් සිටින බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයින

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...