රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයකට අනුව මැයි මස 16 වනදා සිට මැයි මස 22 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 46 ක් සිදුව ඇති බව වාර්තා වී ඇති බව පවසයි. එම වාර්තාවට අනුව සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 1178 ක් බව තහවුරුවී ඇත.
කෙසේ වුවද බොහෝ මාධ්‍යය වාර්තා කර තිබුණේ ඊයේ දිනයට අදාළව කොවිඩ් මරණ 46ක් වාර්තා වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සංඛ්‍යා ලේඛන විශේෂඥයෙකු පවසා සිටියේ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා නිෂ්චිත කාල රාමුවක් තුළ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධ නිවැරැදි දත්ත සමාජයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා සමාජය තුළ ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...