දේශීය පුවත්

කොවිඩ් – 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ‍පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත ලිඛිතව යොමු කරනු ලැබ ඇති බවයි.

ඒ අනුව,
පරීක්ෂණ සිදු කළ යුත්තේ, ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතාව නිර්දේශ කර ඇත්නම් පමණි.

සාම්පල ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු ආයතනය හෝ නිවස ඇතුළත හුදකලාව රැඳී සිටින ලෙස රෝගියාට නියම කළ යුතු ය.

රෝගියාට කොවිඩ් – 19 ආසානදය වී ඇත්නම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයට, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට සහ රෝගියාට දැනුම්දීම රෝහල් බලධාරියාගේ වගකීමයි.

ආසාදිත රෝගීන් වගකිවයුතු වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි බලයලත් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළ යුතු ය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ, යම් පෞද්ගලික රෝහලක් මෙම මාර්ගෝපදේශ කඩ කරන්නේ නම්, කොවිඩ් – 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට දී ඇති අවසරය අවලංගු කරන බවයි .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More