දේශීය පුවත්

පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා ගෙවුණු සතිය තුළ දි පමණක් කොරෝනා ආසාදිතයින් 17,862 දෙනෙකු වාර්තා වි තිබෙනවා.

මරණ 211 ක් එම සතිය තුළ වාර්තා වුයේ අද (22) දිනයේ වාර්තා වු නව කොරෝනා මරණ 44 ත් සමඟයි.

ඊයේ වාර්තා වු නව ආසාදිතයින් 3547 දෙනා අතරින් වැඩිම පිරිස වන 800 දෙනෙකු වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 617 දෙනෙකු සහ කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 297 වාර්තා වු බවයි කොවිඩ් නයින්ටින් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 278 දෙනෙකු වාර්තා වනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 09 දෙනක් විදේශගතව සිට පැමිණි අය වන අතර සෙසු 3,538දෙනා අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 58,333 ලෙසයි.

නව කොරෝනා මරණ 44ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගතවූ දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ 44න් ,30 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 14 දෙනා කාන්තාවන්.

එමෙන්ම පස්වන ගැබිණි කාන්තා මරණය ලෙස 40 හැවිරිදි කුරුණැගල නක්කාවත්ත ප්‍රදේශයේ ද කාන්තාවක් මිය ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගතවූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 423 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් මලු බෙදාදිමේදි ග්‍රාම නිලධාරිවරයෙකුගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත දඹුල්ල අටුබැදියාව වල්ගම වැව ප්‍රදේශයේ පුද්ගයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ 57,000 ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුල සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4194ක්.

සතියක පමණ කාලයක් තිස්සේ මෙලෙස ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ හාරදහස ඉක්මවන අතර, පසුගිය අඟහරුවාදා මරණ 4529 ක් වාර්තා වූයේ ලොව ඕනෑම රටක වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින්.

ඊට පෙර දෛනික කොරෝනා මරණ 4468 ක් පසුගිය ජනවාරියේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබුණා.

ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි හැටදෙලක්ෂය ඉක්මවා ඇති අතර, සතියකට වැඩි කාලයක් තිස්සේ දෛනික ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More