දේශීය පුවත්

මැයි මස 21 වනදා රාත්‍රී 11.00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමා මැයි මස 28 වන දින දක්වා ක්‍රියාත්මක වන බව රජය ඊයේ(22) නිවේදනය කළේය.

කෙසේ වුවද රජය මීට පෙර තීරණය කර තිබුණේ මැයි මස 25 වනදා සහ 28 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත බවයි.

සංචරණ සීමා ඉවත් නොකළද මැයි මස 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම තිබෙන වෙළෙඳසැලට යා හැකි බව රජය නිවේදන කර සිටී.

කොවිඩ් කාර්ය සාධන බලකාය කළ නිවේදනයට අනුව සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව කියවේ.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන පුද්ගලයින් පොලිස් මාර්ග බාධක වලදි දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කෙරෙන බව ඊයේ දිනයේ ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More