දේශීය පුවත්

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා ඇති බවත් එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද අවධාරණය කළේය.

මාධ්‍යයවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුවාද යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් සිටිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද පැමිණියේද කියන කාරණය තවමත් ගැටලු සහගතයි.”

මේ අතර මෙරට කොවිඩ් මරණ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරණ විද්වතෙකු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 40ක් මැයි මාසයේ ගෙවුණු දින 21 තුළ සිදුව තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා ප්‍රකාශ කරණ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More