එ.ජා.ප. නායකත්වය වෙනස් විය යුතු බවට තීරණාත්මක මතයක සිටින එ.ජා.ප පසු පෙළ මන්ත්‍රි කණ්ඩායමට සහාය දීමට එ.ජා.ප. ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු සමඟ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු එක්ව සිටින බව එ.ජා.ප. නියෝජ්‍ය ඇමැතිවරයෙක් අනාවරණය කළේය.
පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන මුවාවෙන් එ.ජා.ප. නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළේ අවසන් ප්‍රතිඵලය වනුයේ එළැඹෙන මැතිවරණයකින් එ.ජා.ප.ය අන්ත පරාජයකට පත්වී 2015 ජනවාරි 08දා ජනතාව ප්‍රතික්‍ෂේප කළ අලිබබා සහ හොරු හතළිහට රාජ්‍ය බලය බන්දේසියක තබා නැවත පිරිනැමීම බව එම නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මේ අනතුරුදායක තත්ත්වයෙන් රටත්, ජනතාවත් ආරක්‍ෂා කරගෙන එ.ජා.ප.ය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වැඩපිළිවෙළකට සහාය ලබාදීමට එ.ජා.ප. මැති ඇමැතිවරුන් 55ක පමණ පිරිසක් ඒකරාශිවී නායකත්වයට බලපෑම් කිරීමේ වැඩපිළිවෙළක් ලබන සතියේ පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ආරම්භ කරන බවද ඔහු පැවැසුවේය.
එහි මූලික පියවරක් ලෙස එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමෙන් වැළැකී සිටීම පසුගිය 21දා ආරම්භ කළ බවත් ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පිළිගත හැකි ප්‍රතිචාරයක් නොලදහොත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම්වලට සහභාගි වීමෙන් වැළැකී අගමැතිවරයා සහභාගි වන උත්සවය වර්ජනය කිරීමටත්, කොට්ඨාස මට්ටමින් එ.ජා.ප. පාක්‍ෂිකයන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවටත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එ.ජා.ප. නායකත්වය වෙනස් විය යුතු බවට බලපෑම් කරමින් ආරම්භයක් ලෙස ජුනි 06 වැනිදා හම්බන්තොට සිට සිරිකොත එ.ජා.ප. මූලස්ථානය දක්වා පවත්වන විරෝධතා පා ගමනින් පසුව මාතලේ, අනුරාධපුරය, පුත්තලම සිට තවත් පා ගමන් 3ක් ලබන මාසය තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත්, ඊට පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල එ.ජා.ප. නියෝජිතයන් බහුතරයක සහාය ලැබෙන බවද ඔහු කීවේය.
මව්බිම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...