දේශීය පුවත්

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක එන්.එම් ෂහීඩ් මහතා පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවය.

මේ අතර පසුගියදා සම්මත වූ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී දෝෂයක් සිදු වී ඇද්දැයි සොයා බලන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි.

මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවුසවේ, අදාළ ඡන්ද විමසීමේදී තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් දෝෂයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇති බවය.

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නිසි පරිදි සටහන් වී නෙමැති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ද ඒ පිළ්බඳ සොයාබලන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More