දේශීය පුවත්

රටපුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතයෙන් සහ ගංවතුර උවදුරෙන් පීඩාවට පත්වූවන්ට සහන ලබාදීම සඳහා රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමකින් යුතු වියළි සලාක පාකිස්තානයෙන්, ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් (විශ්‍රාමික) මේජර් ජෙනරල් මුහම්මද් සාද් ඛට්ටක් හා නියෝජ්‍ය මහකොමසාරිස් තන්වීර් අහමඩ් යන මහත්වරුන් විසින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වෙත භාරදීම හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (21) සිදුවිය.

පාකිස්තානු මහකොමසාරිස්, නියෝජ්‍ය මහකොමසාරිස් අතර පසුගිය දා පැවතී සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් කල ඉල්ලීමකට අනුව එහි පලමු අදියර ලෙස මෙම වියලි සලාක පරිත්‍යාග කළේය.

මෙම අවස්ථාවට කොළඹ 02 හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරි පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ධරණි රාජසිංහම් මහත්මිය, මාගේ පුද්ගලික ලේකම් චාමර සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More