කොරෝනා නීති ජනතාවගේ කටවල් වැසීම සඳහා පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ආණ්ඩුව පෙරේදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් වරාය නගර පනත රටට අතිශය බලපෑම් සහගත පනතක් බව පෙන්වා දුන් ඒ මහතා, මේ පිළිබඳ සමාජය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවකට, විරෝධයකට ඉඩ නොතබා කොරෝනා අස්සේ කලබලයේ සම්මත කර ගත් බවත් කියා සිටියේය.
ආණ්ඩුවෙන් ගෙන එන ඕනෑම දෙයකට අත උස්සන් සූදානමින් සිග්නල් කණු වගේ සිටින මන්ත්‍රීවරුන් විසින් මෙය සම්මත කළ බවත් දැන් ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තව දුරටත් දේශප්‍රේමී කතා ගැන පම්පෝරි ගැසීමට නොහැකි බවත් කී ඒ මහතා ඔවුන් කාලයක් පුරා දේශප්‍රේමී ලෙස පෙනී සිටි බවත් එම්සීසී එන එක වළක්වන්න දිවි පුදන්න කතා කළ බවත් කියා සිටි අතර, ඒ සඳහා උපවාස කළ අය සිටියත් මෙවර ඔවුන් කුඩා හෝ විරෝධයක් නොදැක්වූ බවත් කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...