විදේශ පුවත්

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැටුම් අවසන් විය. ඒ, දෙපාර්ශ්වයම සටන් විරාමයකයට කැමැත්ත පළ කළ බැවිනි.

සටන් විරාමයකට දෙපාර්ශ්වය කැමැති කරගෙන ඇත්තේ ඊජිප්තුව මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඊජිප්තු නියෝජිතයන්, පලස්තීනයේ හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල රජයේත් හමුදාවේත් නිලධාරීන් හමුවීමෙන් පසු සටන් විරාමයට කැමැත්ත හිමිවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දින 11 ක් තිස්සේ පැවැති ගැටුම්වලින් පලස්තීනුවන් 233 දෙනෙකු මියගිය බවත් ඔවුන්ගෙන් 65 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි.

ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ජෙරුසලමේදීය (අල් ජසීරා)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More