වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද(20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , සිවිල් සංවිධාන නියෝජිතයන්, නීතීඥවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැස් වූ සමගි ජනබලවේගය මන්ත්‍රීවරු විනාඩි විස්සකට අධික කාලයක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.
පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද ඡන්ද විමසුමට සහභාගී නොවීම විශේෂත්වයකි.
පසුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මතවීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් උපදෙස්වලට අනුව සංශෝධන ඉදිරිපත් කරනු ලැබිය.
එහිදි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ නමුත් ඊට ආණ්ඩුව එකඟ වූයේ නැහැ.
ඒ අනුව හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාගේ යෝජනා වෙනුවෙන් ඡන්ද විමසීම් තුනක් පැවති අතර එහිදී එම යෝජනා පරාජයට පත්විය.
කාරක සභා අවස්ථාවෙන් පසුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 149ක් සහ විරුද්ධ ඡන්ද 58ක් හිමිවිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...