දේශීය පුවත්

කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අනෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන් ද ජාතීන් අතර සබඳතා පුළුල් කර ගත යුතු බවත් ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලොව පුරා ආර්ථික ක්‍රිකාරකම්වලට ද විනාශකාරී බලපෑමක් එල්ල කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බව ද ජනාධිපතිවරයා එම සමූළුව අමතමින් සඳහන් කර තිබේ.

මේ අතර කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට එක්වන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාවට ඇරයුම් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මෙම සන්දර්භය තුළ ,කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කය ගොඩකරගත් ඉඩම් හෙක්ටයාර 269කින් පුළුල් කරන නවතම සංවර්ධන ක්‍රියාදාමය ජාත්‍යන්තර ව්‍යාපාර සඳහා ආකර්ෂණීය නව අවස්ථාවක් සපයනු ලබයි. වරාය නගරය දකුණු ආසියාවට පිවිසෙන දොරටුවක් බවට පත්වනු ඇත. එය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් , වරාය නිකේතන දිස්ත්‍රික්කයක්, ඉහළ ඝනයේ නේවාසික හා වාණිජ පහසුකම්වලින් මෙන්ම ගෝලීය මට්ටමේ යටිතල පහසුකම් ද ඇතුළත් වන නව නගර දර්ශනයක් නිවර්තන කලාපීය වෙරළ තීරයේ පිහිටා ඇති පාරාදීසයක් තුළ නිර්මාණය කරනු ඇත.පුළුල් ආර්ථික බලපෑමක් ඇතිකරන ව්‍යාපාර සඳහා විශේෂිත තත්වයක් ,විවර්ජනයන් සහ විශේෂ දිරිගැන්වීම් රාශියක් ලබා දෙනු ඇත.මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා තම ව්‍යාපාර දිරිමත් කරන ලෙසටත් අනාගතයේදී මෙම කලාපයේ ප්‍රධාන සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත්වන නගරයක පාර්ශ්වකරුවෙකු වන ලෙසටත් මම සියලු ජාතීන්ට ආරාධනා කරමි.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More