ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබෙනවා. ඔහු අද සිය නව තනතුරේ වැඩ භාරගෙන ඇත.
මේ දක්වා වෛද්‍ය නිහාල් ජයතිලක මහතා රූපවාහිනී සංස්ථාවේ
සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා ඔහු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කෙරිණි.
ඒ අනුව පුරප්පාඩු වූ රූපවාහිනී සභාපති ධුරය සඳහා රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබේ.
හිටපු අමාත්‍යවරයෙකු වන කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කලක් කටයුතු කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...