රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්රනාන්දු මහතා අවධාරණය කරන්නේ කොරෝනා පාලනය සඳහා මෙරට එන්නත් කරන ලද ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්රාව ලබා ගැනීම සඳහා රුපියල් පන්දහසක් ගෙවීමට සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
වෛද්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ දෙවැනි මාත්රාව ලබා ගැනීමට රුපියල් 5000 ක මුදලක් ගෙවා ලියාපදිංචි වන්නැයි එක්තරා ආයතනයකින් දැනුම් දී ඇතැයි තම සංගමයට පැමිණිලි ලැබී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින්”එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් විශාල පිරිසක් දෙවැනි මාත්‍රාව නොමැතිව බලා සිටියදී එම එන්නත් තොග පිටස්තර ආයතනයකින් මෙසේ මුදලට විකිණීම බරපතළ ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් අප සංගමය සෞඛ්‍ය ඇමතිණිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අප ඉල්ලා සිටියා. කොරෝනා එන්නත් පෞද්ගලික අංශය විසින් ලබා දීමට කිසිදු තීරණයක් හෝ අනුමැතියක් ලබා දී නැති පසුබිමක මෙම එන්නත පුද්ගලික ආයතනයක් මඟින් මුදලට ලබා දෙන්නේ කෙසේදැයි යන්න වහාම විමසා බැලිය යුතුයි” යනුවෙන් වෛද්‍යය ෂෙනාල් ප්රනාන්දු මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...