දේශීය පුවත්

මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි.

මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබීම විශේෂත්වයකි.

සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ඊයේ වාර්තා වූ මරණ 36න් 19 දෙනෙකුම කාන්තාවන් වන අතර සෙසු 17දෙනා පිරිමි පුද්ගලයින් වන බවය.

කොවිඩ් වෛරසය ආසාදනයෙන් මියගිය මෙම පුද්ගලයින් අවුරුදු 27ත් 96 ත් අතර වයස්වල පසුවන්නන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්වේ. එම පුද්ගලයන් හොරණ, ඇඹිලිපිටිය, නාවලපිටිය, පුස්සැල්ලාව, මාතලේ, වෙන්නොරුව, පන්නල, රත්මලාන, රාජගිරිය, වත්තල, ගලපිටමඩ, තුල්හිරිය, අහංගම, ඌරපොළ, කට්ටුව, සෙවණගල, තැලිගම, ඇහැළියගොඩ, නිකදළුපොත, පේරාදෙණිය, බැල්ලපිටිය, බණ්ඩාරගම, ඉංගිරිය, ගුන්නෑපාන, ඉමදුව, ගිංතොට, තල්පේ, රත්ගම, තල්ගස්වල, ඇල්පිටිය, පයාගල, වස්කඩුව හා හේනගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද එම වාර්තාවෙන් පවසා සිටී.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර හොරණ, මාතලේ සහ පේරාදණිය යන ප්‍රදේශවලින් මරණ දෙක බැගින් වාර්තා වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More