ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා ඇත්තේ යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතහි ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බවයි.
සමහර වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් එම වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කරන්නේ නම් සරල බහුතරයක් ප‍්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම්දී ඇත.
යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක විසින් අද පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ඉහත තොරතුරු හෙළි කළ බව පාර්ලිමේන්තු වාර්තා පවසයි.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...