දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තයන් ගින්නෙන් විනාශ කොට අවුරුදු අද වන විට හරියටම වසර 12ක් ගතවී ගොස් තිබේ. අද දිනයේ ඇති විශේෂත්වය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර සූරින්ගෙන් විමසීමක් කළෙමු. එහිදී එතුමා පවසා සිටියේ ” සුදු අධිරාජ්‍යයවාදීන් බෙදා වෙන්කර පාලනය කිරීමේ සිද්ධාන්තය උපයෝගී කරගෙන අපේ රට පාලනය කිරීමට ඔවුන් හඳුන්වා දුන් උපක්‍රමය ආපිට හැරවීමට නිදහසින් පසු පත්වූ ආණ්ඩු ,ශ්‍රී ලං නි ප ය මූලික වූ ජාතික බලවේග වලින් සමන්විත වූ ආණ්ඩු යම් පමණකින් දැක්වූ සාධනීය උත්සාහය හැර බලයට පත්වූ එජාපය ප්‍රමුඛ විජාතික බලවේග බෙදා වෙන් කර පාලනය කිරීමේ සෛද්ධාන්තික උපක්‍රමය තුළින් මතුවූ බලවේග වලට නතුව කටයුතු කිරීමත් දක්නට ලැබුණා. මෙහි ප්‍රතිඵලය ලෙස රට කැබලි කරලීමේ බටහිර රටවල උවමනාවට අනුව මෙහෙයවන කල්ලි කණ්ඩායම් බෙදුම්වාදී දෙමළ කොටි ත්‍රස්තවාදය වැඩෙන්නට අවශ්‍යය පසුබිම ඉතා මැනවින් සකසා දුන්නා. ඊට සමාන්තරව බහුතර සිංහල බෞද්ධ ජනයා බේද බින්න කර වීමට අවශ්‍යය වට පිටාව අපූරුවට සකසා දුන්නා. මේ නිසාම ආයුධ සන්නද්ධ දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තයන් ලෝකයේ අංක එකේ බිහිසුණු ත්‍රස්තවාදීන් බවට පත්වුනා. එහි ප්‍රතිඵලය වුනේ අපේ රට දෙකට බෙදී යාමේ මුවවිටටම තල්ලු වී යාමයි. මෙම තත්වය එදා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය තේරුම් ගෙන ආ පිට හරවනු ලැබුවා. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඉතා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයට අවශ්‍යය දේශපාලන මෙහෙයවීම කිරීමට අවශ්‍යය නායකත්වය ලබා දුන්නා. එතුමාගේ සොහොයුරු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට ඉතා විශිෂ්ඨ නායකත්වයක් සැපයූවා. අද යුද අපරාද චෝදනාවට ලක්ව සිටින රණවිරුවන් 57 දෙනා ඇතුළු තවත් දිවි පිදු අතපය අහිමි කරගත් රණවිරුවන් දැවැන්ත කාර්ය භාරයක් කරණු ලැබුවා. විමල් වීරවංශ වැනි තරුණ දේශපාලන නායකයින් සිංහල බෞද්ධ ජනතාව අවදියෙන් තබා ගැනීමට විශේෂ මැදිහත් වීමක් කරණු ලැබුවා. අවසානයේදී එක්සත් වූ සිංහලයාගේ නායකත්වයෙන් දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය මුළු ලෝකයක් මවිත කරවමින් නන්දිකඩාල් කළපුවේ ගිල්වා දමමින් අවසන් කළා. සිංහලයා එක්සේසත් වූ සැම විටම රටට ජයග්‍රහණ හිමි වනවා යන්නට මෙය හොඳ උදාහරණයක්.
සිංහල ජනයා තම පැවැත්ම තර්ජනයට ලක් වූ සෑම විටම පෙරට එනවා. 2015 දී ඔවුනට සිදුවූ වැරැද්ද නිවැරැදි කළේ තනි සිංහල ආණ්ඩුවක් ගොඩ නැගීමට අවශ්‍යය බලය යුද්ධය දිනවීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ජයක් ලබා දෙමින්. නන්දිකඩාල් කළපුවේ ගිල්වා දැමුවේ බෙදුම්වාදී බලවේග වල සන්නද්ද හස්තය පමණක් බවත් ජීනිවාවල අද ඔවුන්ගේ බුද්ධිමය හස්තය ක්‍රියාත්මක බවත් සිංහලයා තේරුම් ගත යුතුයි. සිංහල ජනයා ගෝඨාභය රාජපක්ෂ වැනි පතාක යෝධයෙකු ජනාධිපති බවට පත් කළේ එම බලවේග පරාජය කිරීමේ වුවමනාවෙන් යුතුවයි. රණවිරුවන් 57 දෙනෙකුට යුධ අපරාධ චෝදනා ගොනු කරමින් මේ කරගෙන යන්නේ බෙදුම්වාදීන්ගේ “බුද්ධිමය” වටලෑම බවත් එය අනිවාර්යෙන් පරාජය කිරීමට සිංහල ජනයාට හැකි බවත් අපි විශ්වාස කරනවා. ඒ අනුව වත්මන් ආණ්ඩුව මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුව මැදිහත් වී දෙමළ බෙදුම්වාදීන් ජාත්‍යයන්තර බලවේග සමඟ එකතුව මේ කරගෙන යන වට ලෑම පරාජය කිරීමට වහ වහා කටයුතු කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...