දේශීය වෛද්‍යය ක්‍රම සුරැකීමේ ජාතික විද්වත් සංවිධාන එකමුතුව විසින් ඊයේ(17) කොළඹදී පවත්වන ලද මාධ්‍යය සාකච්ඡාවකදී රජයේ ආයුර්වේද වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍යය පී හේවාගමගේ මහතා පවසා සිටියේ පවතින වසංගත රෝග තත්වයට මුහුණ දීමට දේශීය වෛද්‍යයවරුන්,අයූර්වේද වෛද්‍යයවරුන් සහ රාජ්‍යය සේවය තුළ සිටින සියළුම කණ්ඩායම් එකට ගොනු වීමෙන් පමණයි මෙම ගැටළුවට රටක් ලෙස මුහුණ දිය හැක්කේ කියන පණිවිඩය වසරක් තිස්සේ ලබා දෙමින් සිටි බව අවධාරණය කළේය.
ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් විය යුතු බව දිගින් දිගටම බලධාරින්ට පෙන්වා දුන් බව පවසා සිටි ඒ මහතා මෙම රෝගය මර්ධනය කිරීම පිණිස එන්නත පිළිබඳව පමණක් විශ්වාසය තැබූ රටවල් විශාල වශයෙන් අර්බූදයට ලක්ව ඇති බවද අවධාරණය කළේය.
එබැවින් දේශීය වෛද්‍යය අමාත්‍යාංශය සතු ආයුර්වේද රෝහල් සතු 5000ක් පමණ වන ඇඳන් සංඛ්‍යාව සහ එම කාර්ය මණ්ඩලය මෙම වසංගතයෙන් රෝගීන් සුවපත් කරවීම සාඳහා යොදා ගැනීමට ඉටුවිය යුතු නෛතික වටපිටාව සැකසිය යුතු බවද අවධාරණය කළේය.
එංගලන්ත මනසින් තීරණ ගන්නා නිළධාරින් ගත් මුග්ධ තීන්දුවක් වන කොවිඩ් වෛරසය ආසාදිතයන් නිවෙස් තුළම රඳවා තබා ගැනීම මගින් ප්‍රාසාද වල ජීවත් නොවන දුප්පත් මිනිසුන් සමූහ වශයෙන් මිය යාමට සැලැස්වීමක් බව අවධාරණය කරන බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...