‘‘රුපියල් ලක්‍ෂ 130 ක් පමණක් වියදම් වන ගිලන් රථයකට කොවිඞ් අරමුදලින් රුපියල් ලක්‍ෂ 194 ගාණේ වියදම් කරලා තිබෙනවා. එහෙම වුණේ කොහොමද කියලා ආණ්ඩුව රටට හෙළිකළ යුතුයි…’’ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පෙරේදා (15දා) නුගේගොඩ පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.
මේ රජය ගිලන් රථ 10 ක් සඳහා රුපියල් මිලියන 194 ක් වියදම් කරලා තිබෙනවා. මේ කියන ගණන් වලට ගත්තොත් එහෙම ටොයෝටා ඇම්බියුලන්ස් එකක් පටන්ගන්නේ ඩොලර් 40,000 න්. ඒක ලක්‍ෂ 80 කට මිලදී ගන්න පුළුවන්. ලක්‍ෂ 194 ක් ඇම්බියුලන්ස් එකකට වියදම් වුණේ කොහොමද කියා ආණ්ඩුවෙන් අහනව. මේක සාමාන්‍යයෙන් වැටෙන්නේ ස්පෙෂල් කැටගරි එකකට. මේ ගිලන් රථ කවුරු ගෙන්වුවත් බදු අයකරන්නේ නැහැ. මේවා ඩියුටි ෆ‍්‍රී ගෙන්වන්න පුළුවන්.
මේ තරම් විශාල මුදලක් වියදම් කරලා ගෙන්වපු ගිලන් රථ කෝ? නැත්නම් මොනවද ගෙන්වන්න යන්නේ. කොවිඞ් අරමුදලට කරලා තියෙන දේ ජනතාවට හෙළිකරන්න ඕනෑ. රජයේ සේවකයන්ගේ දවසක වැටුප කපාගෙන එකතු කරපු අරමුදලත් එක්ක ආණ්ඩුව කරලා තියෙන පිස්සුව තමයි මේ.’’

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...